කෝටියක කුඩුත් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මුදලින් කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග 26 හැවිරිදි  සැකකරුවෙකු සහ සැකකාරියක් මහබාගේ පොලිසිය විසින් මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී අත්අඩංගුව ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා සැකකරු සහ සැකකාරිය හෙරොයින් කුඩා කුඩා පැකට් හදමින් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට  නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *