2025 වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව 2025 වන විට එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ලෝකයේ ආර්ථික බලකොටුවක් වන චීන රජය මේ සඳහා අදාළ සියලු තාක්ෂණයන් කොළඹ වරායට ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
චීනයේ ෂැංහයි නාගරික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් Wang Xiao Jie මහතා ප්රමුඛ දූත පිරිසක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජූලි 2 වැනි දින අමාත්‍යාංශයේදී සාකච්ඡා කළහ.
සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳාම සහ නාවික කටයුතුවලට බලපාන බාධාවන් පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ. TEU සහ අනෙකුත් භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරාය භාවිතා කිරීම වැඩි කිරීමට ද ඔවුන් සිය කැමැත්ත ප්‍රකාශ කළහ.