කොළඹ-පුත්තලම දුම්රිය ධාවනය පෙර පරිදිම

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම නිසා ඇනහිට තිබූ කොළඹ හා පුත්තලම අතර දුම්රිය ධාවනය  යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව කොළඹ සිට පුත්තලම දක්වා දිනකට ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පුත්තලම දුම්රිය ස්ථානයට ළගා වී ඇති අතර පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය හතරෙන් දෙකක් මේ වනවිට පිටත්ව ගොස් ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීම නිසා ඉකුත් 21දා සිට දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර තිබුණි.

අද සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බංගදෙනිය කාර්යාල දුම්රියද

පුත්තලම දක්වා ධාවනය කිරීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *