අද පෙරවරු 10.00 සිට පැය 36ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ ප්රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වන බවයි.
ඒ අනුව කොළඹ 1, 7, 9, 10 සහ 12 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 8 සහ 11 ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.