නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් අංක 40, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි රූඩ් 03 පර්චස් 13.85 ක් වන ඉඩම් කොටස සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉඩම සංවර්ධනය කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, අදාළ ඉඩම් කොටසේ නාගරික සංවර්ධන රෙගුලාසි වලට අනුකූලව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමේ අරමුණින් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක් සේරුව මත පදනම්ව, 99 අවුරුදු බදු පදනම මත එකී ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.