කොළඹ ජාතික රෝහලේ අමුතු වැඩවර්ජනයක්

සේවයට වාර්තා කළ යැයි සටහන් කර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බලකරමින් රෝහල් පරිශ්‍රය තුළ නිල නොවන වැඩවර්ජනයක් කරන එම රෝහලේ සේවකයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස වෛද්‍යවරු පැමිණිළි කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම රෝහලේ සේවකයන් 300 ක පමණ පිරිසක් සේවයට වාර්තා කර විරෝධතාවයේ නිතරව සිටින බවත් ඔවුන් අතරින් ඇතමුන් අතිකාල දීමනා ද ගන්න්නේ යැයි පැමිණි ලැබී ඇති බව කී එම නිලධාරියා ඇස්, ළමා, කාසල්, දන්ත සහ ද සොයිසා යන රෝහල්වල සේවකයන් ද මේ අතර සිටින බව ද සඳහන් කළේය.

විරෝධතාවයේ නිතරව සිටින සේවක ශ්‍රේණියට අයත් සේවකයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ජාතික රෝහලේ සේවය කරන බවත් සේවයට වාර්තා කර නිල නොවන වර්ජනයක නිරතව සිටින සේවකයන් පිළිබඳව කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *