රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩආවරණය කිරීමට පත් කිරීම සඳහා පත් කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ දිනක සේවා කාලය පැය 3 කට සීමා වී ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.
රාගම ශික්ෂණ රෝහලේ නිත්‍ය අධ්‍යක්‍ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීම සඳහා මීට මාස දෙකට පමණ පෙර පත්කළ බවත් මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැය තුනක් පමණක් සේවය සැපයීම ප්‍රමාණවත් නොවන මෙන්ම පිළිගත නොහැකි බවත් වෛද්‍යවරු සඳහන් කරති.
මෙම තත්වය හේතුවෙන් මෙරට තුන්වැනි විශාලතම රෝහල වන රාගම රෝහලේ ද කටයුතු බාධා ඇති වන බව කියන වෛද්‍යවරු සෞඛ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද සඳහන් කරති.
මෙම තත්වය මත ජාතික රෝහලේ සේවාවන් බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් සේවක විනය ද සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවත් වෛද්‍යවරු කියති.