කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැලවී යෑමෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට බොරපැහැ ජලය ලැබෙන බව ජනතාව පවසති.
එම තත්වය හේතුවෙන් අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ඊයේ (3) පස්වරුවේ පැවසීය.
එම තත්වය හේතුවෙන් පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයෙන් ජලය සැපයෙන බවත් ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයෙන් ජල ලැබෙනු ඇති බවත් එම නිලධාරියා කීය.
ගැලවී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.