පසුගිය දිනවල කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි දෙහිවල සත්වෝද්‍යානයේ‘තෝර්‘ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා තිබේ.
වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.
මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ එන්නත් මේ වන විට සත්ත්ව උද්‍යානයේ සතුන් සඳහා ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.