සංචරණ සීමා ලිහිල් කරමින් ලබා දී ඇති නිදහස ඉදිරියේ දී දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආසාදිතයින්ගේ වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් නොමැති බව පැවසිය නොහැකි බවය.
එසේ වුවද ජනතාවට ලබා දී ඇති ලිහිල් කිරීම් තුළින් කොවිඩ් වෛරසයේ සමාජ ව්‍යාප්තිය වර්ධනය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුළ ජනතාව එය සමබරව පවත්වා ගත යුතු යැයිද කියා සිටියේය.