කොවිඩ් ආසාදිතයෙකු වැවේ ගිලී මිය යයි

ආණමඩුව H 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදී දියේ ගිලි මරණයට පත්වු පුද්ගලයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා අද පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි තිදරු පියෙකි.

ඉකුත් 22 වනදා ඔහු එම අනතුරට මුහුණ දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *