කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපියල් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදුව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොම්පඤ්ඤවීදීයේ ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලම අතරමඟ නැවතී ඇති ආකාරය නීරීක්ෂණය කිරීමෙන් පසුව එසේ පැවසීය.
ඉදිකිරීම් ප්‍රමාද වන සෑම දිනකටම රුපියල් ලක්ෂ 5 බැගින් විශාල නාස්තියක් සිදුවන බැවින් වහාම ගැටලුව විසදිය යුතු බවත් මෙම වසර අවසන් වන විට කෙසේ හෝ පාලම ඉදිකර අවසන් කළයුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.
වසර දෙකක් තිස්සේ පාළම ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් කිරීමට පියවර ගතයුතු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අදාල නිලධාරීහු ද මේ අවස්ථාවවට සහභාගී වූහ.