විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන සහ සහතික කිරීමේ ඒකක සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
පද්ධති අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින අතර සත්‍යාපනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වූ පසු මහජනතාවට දැනුම් දෙනු ඇත.
අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව දිගටම කරගෙන යනු ඇත.
මෙමගින් මහජනතාවට සිදුවන යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමාව අයැද සිටිනවා.
පැමිණෙන සේවා සොයන්නන්ට ඔවුන්ගේ කාරණා සම්බන්ධයෙන් සේවාවන්හි ශක්‍යතා පිළිබඳව පහත දුරකථන අංක සමඟ තවදුරටත් පරීක්ෂා කළ හැක.
§ කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01 0112338812/0112338843
§ ප්‍රාදේශීය කාර්යාලය, යාපනය 0212215 970
§ ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය 0262223182
§ ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර 0812384410
§ ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල 0372225941
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ