කොන්ක්‍රීට් වළල්ලට සිසුවා බිලි

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් ගාත්මෝර් දෙමළ මහා පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවකු  රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු  ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක්  පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවිමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *