කොත්මලේ වෑන් අනතුරින් 21කට තුවාල

බදුල්ලේ සිට නුවරඑලිය හරහා අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් තුවාලකරුවන් 18 දෙනෙකු ගම්පොළ ප්‍රා දේශීය රෝහල වෙත මාරු කර යැවූ බවත්, ඉන් තුවාල කරුවන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවයි කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඉමේෂ් වීරතුංග මහතා කියා සිටියේ.

බදුල්ල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය කියා සිටියේ.අනතුරින් වෑන් රථටයටද දැඩි  අලාභ හානි සිදු වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *