හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළාය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මතසිටින සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳු වත්ත පොලිසිය සඳහන් කරසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මර්වින් සිල්වා මහතා කරුණු දක්වමින් , හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසිය සතුව ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙසක් ලබා ගැනීම අවශ්‍යතාවයක් නොවන බවය .මෙම විමර්ශනය දේශපාලන කාරණා මත පදනම්ව සිදු කරන බවත් සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසට පොලිසියට නියෝග කළාය.
නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .
ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාගේ උපදෙස් සහ වැඩිදුර විමර්ශන වාර්තා මාර්තු 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.