කෙහෙළියගේ පෙත්සමට තීරණය දෙන දිනය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය  නිවේදනය කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නිවේදනය කරමින් අභියාචනාධිකරණය මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *