මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළේය.
රහස් පොලිසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් අනුර සම්පත් බණ්ඩාර නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා සිටින කෙසෙල් බද්දර පද්මේ නමැති ඉල්ලුම් කරු පෙනී නොසිට ,ව්‍යාජ හැඳුනුම්පත් අංක සහිතව අසත්‍යය තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයකට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කරමින් ආගමික විගාමික පනත හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට රහස් පොලිසිය කල කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.