කෘෂි සහකාර අධ්‍යක්ෂවරු 142ක් පත් කරයි

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට සහකාර අධ්‍යක්ෂ තනතුරු පිරිනමා තිබේ.

2021 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයකින් මෙම බඳවා ගැනීම් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නවක නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම්  එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය දෙවන අදියරේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය ද සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *