කෘෂි නවීකරණ කවුන්සිලයක් පිහිටුවයි

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය  පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ජනාධිපති කාර්යාලයේ දී  පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙරට කෘෂිකර්ම අංශය  නවීකරණ කිරීම වෙනුවෙන්  සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙම ප්‍රතිපත්ති රාමුව ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, තිරසාර බව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම,  අන්තර්ගත වර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය පෝෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම,  වෙළඳපොළ ප්‍රවේශය සහ වෙළඳාම වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව සහ පාලනය ශක්තිමත් කිරීම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම යන කරුණු මූලික කර ගනිමින් කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *