කුසල් හා ධනංජය වගකීම් ඉටු කළා – අසලංක දක්ෂතාව ඔප්පු කළා

නෙදර්ල්න්තය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම වගකිම් ඉටු කළ බවත් චරිත් අසලංකද තම දක්ෂතාව ඔප්පු කළ බවත් ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග පවසයි.

එසේම පළමු තරග දෙකේ පරාජයෙන් පසුව ලැබූ මෙම ජයග්‍රහණය කණ්ඩායමට වැදගත් බවද ඔහු පැවැසීය. පළමු තරග දෙකේදී පළමු පන්දුවාර 6 තුළදි ශ්‍රි ලංකාවේ කඩුලු දෙක තුනක් බිඳී ගිය බවත් මෙම තරගයේදි එවැනි දෙයක් සිදු නොවුණ බවත් ඔහු පැවැසිය.

ලකුණු 160ක් රැස් කළේ නම් එය ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් පන්දු යැවිමේ අංශයක් ශ්‍රී ලංකාවට පවතින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *