කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සම අයිතිය

කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ  අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එම නීතිය හඳුන්වා දීම පිණිස 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *