කුමන වනෝද්‍යානයෙන් පළමු දිනයේදීම 10000ක් කතරගමට එති

රුහුණු මහා කතරගම දේවාලයේ, ඇසල පෙරහැර මංගල්‍යය හා සම්බන්ධ වීම යාල හා කුමන ජාතික වනෝද්‍යාන හරහා  පා ගමනින් පැමිනෙන බැතිමතුන් සදහා, කුමන වනෝද්‍යානයේ ප්‍රවෙිශ දොරටුව විවෘතකල පළමු දිනය එනම් ඉකුත් 20දා බැතිමතුන් 10444ක් වනොද්‍යනය හරහා ගමන් ආරම්භ කල බව කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු බුද්ධික විතානාරච්චි මහතා පැවසීය.

2016 වසරෙන් පසුව මෙම පාද චාරිකාවට, එක් දිනක් තුළ එක්වු වැඩිම බැතිමතුන් ප්‍රමාණය වාර්තා වුයේ මේ වසරේ බව බැතිමතුන් ලියාපදිංචි කරන ආරක්ෂක අංශ හා වනජිවි නිළධාරිහු කියති.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පැමිණෙන දහස් ගනනක් වන හින්දු බැතිමතුන්ට අමතරව ලංකාවෙි විවිධ ප්‍රදේශවලින් විවිධ සංස්කෘතින් වල ජනයා මෙම පාද චාරිකාවට සම්බන්ධ වන්නේ මහත් භක්තියකින් හා විශ්වාසයකිනි.

කතරගම දෙවියන් උදෙස, ඔකඳ මහා දේවාලයේ පැවතී උදෑසන පුජාවකින් පසු මෙම පාද චාරිකාවට සමිබන්ධ වන පළමු කණ්ඩායමේ බැතිමතුන් කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුව හරහා වනෝද්‍යානයට ඇතුලු විය.

කුමන ජාතික වනෝද්‍යනයේ පිවිසුම් දොරටවේ සිට කතරගම මහ දේවාලය දක්වා වන සම්පුර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 90ක් පමණ වන අතර, මෙම දුර ගෙවා, රුහුණු මහා  කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යට සමිබන්ධ වීමට බැතිමතුන්ට ගතවන කාලය දින 03-05 අතර කාලයකි.

මෙම පාද චාරිකාවට සමිබන්ධ වන බැතිමතුන් සදහා කුමන ජාතික වනෝද්‍යනයේ ප්‍රවේශ දොරටුව දින 14කට විවෘතව තබන බවත් ජුලී මස 04 යින් පසුව වනෝද්‍යනයේ ප්‍රවේශ දොරටුව මෙම පාද චාරිකාවට සම්බන්ධ වන පිරිස්ට වසා දමන බවත් වනජිවි නිළධාරිහු කියති.

කුමන වනෝද්‍යනයේ ප්‍රවේශ දොරටුවෙන්, වනෝද්‍යානය තුලට ඇතුලුව හින්දු බැතිමතුන් පළමු දිනය බාගුර විල්ලුවේ නවාතැන් ගන්නා අතර දෙවැනි දිනය ගතකරන්නේ කුඩා කැබිලිත්ත හෙවත් කුඹුකන්ඔය අසබඩය.

පසුදා ඔවුන් කුඹුකන්ඔය තරනයකර විත් ලිං තුන ප්‍රදේශයේ වනාතැන්ගනී. සිව්වන දිනය ගතකරන්නේ කටුපිල ආර ප්‍රදේශයේය. පස්වන දිනය රාත්‍රිය ගතකිරිමට ඔවුන් තෝරාගන්නේ මැණික් ගග අසබඩය. ගමනේ හයවන දින වරහන ප්‍රදේශයේ ගතකරන ඔවුන් හත්වන දිනයේදී කටගමුව පිවිසුම, බෝධිරාජපුර, කොච්චිපතාන හරහා කතරගමට පැමිණෙති

සෑම වසරකම මෙන් මෙම වසරේද, පාද චාරිකාවේ පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් දන්සැල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වන බවත් ඔවුන් ලැගුම්ගන්නා ස්ථානවලදී ආරක්ෂක අංශ හා වනජිවි නිළධාරින් එකතුව ආරක්ෂාව සපයන බවත් වනජිවි නිළධාරිහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *