කුණ්ඩසාලේ ප්‍රා දේශිය සභාවට අයත් දිගන අලුත්වත්ත කසළ මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ගබඩා අංගන ගොඩනැගිල්ල ඉදිකිරිම අත්හැරදමා ඉතිරි වු මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි ගබඩා අංගනය ඉදිකිරිම සදහා රුපියල් මිලියන 42.17 මුදලක් වෙන්කොට තිබුණි. එහෙත් කවිෂිමා යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සදහා වැඩිපුර මුදල් ප්‍රතිපාදන යොදවා තිබු අතර ඒ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 29.38කි.
ඒ අනුව ගබඩා අංගනය ඉදිකිරිම අත්හැරදමා ඉතිරි වු රුපියල් මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව යොදවා තිබුණි.
කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටුකරගැනිමට, අදාළ එකතුකරල ලද දිරණ කසළ, අඹරන ලද කසළ, හා නිපදවන පොහොර වැස්සට නොතෙමී ගබඩා කිරිම, අඹරන ලද කසල නියමිත ප්‍රමිතියෙන් යුතුව දිරාපත්විමට අවශ්‍ය පහසුකම් සැලසිම , පොහොර නිසි ප්‍රමිතියෙන් යුතුව ගබඩා කිරිමට වැනි කටයුතු සදහා ගබඩා අංගන ගොඩනැගිල්ලක් ඉදිකිරිම අත්‍යවශ්‍ය කරුණකි.
ඉදිකිරිමට යෝජිතව පැවති ගබඩා අංගන ගොඩනැගිල්ල නිසිපරිදි සැලසුම් නොකිරිම හා නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව මත සැලසුම්කළ පරිදි ඉදිකිරිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.