කුඩු සමග ඇල්ලූ ශෙහාන් මධුශංකගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

හෙරොයින් ග‍්‍රෑම් 2 මිළිග‍්‍රෑම් 350ක් සමගින් අත්අඩංගුවට ගත්, කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකුව සිටි අයෙකු වෙනුවෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉල්ලා සිටි රැඳවුම් නියෝගය නිකුත් කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

හෙට(26දා) පන්නල පොලීසිය සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලාසිටි අතර ජුනි 01 දක්වා පොලීසියේ ඉල්ලීම මත එසේ එම නියෝගය ලබාදී තිබිණ.

එසේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගන තිබුණේ පන්නල ඇලබඩගම ප‍්‍රදේශයේ පදිංචි කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පන්දු යවන්නෙකු වූ ෂෙහාන් මධුසංක නැමැත්තෙකි.

සැකකරු ඉදිරිපත් කරමින් පොලීසිය කියාසිටියේ මීට පෙර අවස්ථාවකදීද සැකකරු හෙරොයින් විශාල ප‍්‍රමාණයක් මෝටර් රථයෙන් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පොලීසිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු පුටු සැටියකට මුවා වී සිටි බවත් සැකකරුට අයත් ක‍්‍රීඩා කුසලාන පිරික්සීමේදී එසේ එම හෙරොයින් තොගය සොයාගත් බවත් පොලීසිය වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බවයි.

පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා සැකකරු ඉදිරිපත් කරමින් එම නියෝගය ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *