රට තුළ පවතින කිරිපිටි හිඟය ලබන පෙබරවාරි මස පමණ වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා .
එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර ප්රවෘත්ති අංශයට කියා සිටියේ ලෝකවෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙ න්
ඉදිරියේ දී කිරිපිටි මිල ඉහළ යාමක් සිදුවිය හැ කි බවයි.
වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය හමුවේ ඇතැම් ප්‍රදේශවල කිරිපිටි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ද තොරතුරු
වාර්තා වනවා .
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බංකු තුළ ණයවර ලිපි විවෘත කර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් ආනයනික කිරිපිටි ඇණවුම් අඩුවීම, මෙම කිරිපිටි හිඟයට හේතුවී ඇති බවයි.
2021-12-25