කිරිපිටි සඳහා නිශ්චිත මිල වැඩිවීමක් ඉදිරි සතියේදී ක්රියාත්මක වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද ප්රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් ප්රකාශ කළේය.
මෙරට ආනයනික කිරිපිටි සියල්ල මේ වනවිට අවසන් වී තිබෙනවා. පසුගිය සති දෙක තුළ නව තොග ආනයනය කර නොමැති බව ආනයනකරුවන් ප්රකාශ කළේය.
කිරිපිටි තොගයක් ලබන සතිය අග වනවිට දිවයිනට පැමිණීමට නියමිතයි.
තොගය මෙතැනට ගොඩවැදීමත් සමඟම ආනයනකරුවන් තහවුරු කළේ වියදම ගණනය කර ඩොලරයේ අගය සලකා මිල වැඩි කරන බවයි.