කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 11 වනදා සිට විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළාය.
එමෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.
විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහර දී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශ වන ගේට්ටුවේ ගැට ගසා තිබීම හේතුවෙන් ශිෂ්‍යයන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අතර සාමකාමී තත්ත්වයට බාධා ඇතිවිය හැකි බැවින් වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබුණි.