කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කමිටුවක්

නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ  යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කළේය.

අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා අදාළ කමිටුවේ සභාපතිවරයායි. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිළධාරීන් 4 දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති.

සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවටට  උපදෙස් දුන්නේය.

කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරෙන බව ඇමතිවරයා කිවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *