ඉදිරි දිනවලදී අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන වෙනස්කම් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව පුවත්පත් වාර්තා කරයි.
ප්‍රවෘත්ති වාර්තාවට අනුව ප්‍රබල අමාත්‍ය ධුරවල අවම වශයෙන් වෙනස්කම් 6ක් අපේක්ෂා කරන බව රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් අනාවරණය කරයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුරවලද වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
දුර්වල කාර්ය සාධනයක් සහිත ඉහළ පෙළේ රාජ්‍ය ආයතන අටක පුටු නුදුරේදීම ආදේශ කිරීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ග පවසා ඇති අතර, රජය මෙම සංශෝධන සිදු කරන්නේ නව වසරේ නව ගමනක් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස බවද සඳහන් කරයි.
අද දින කලින් ඇමරිකාවේ සිට පැමිණි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු මෙම වෙනස්කම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අලුත් අවුරුද්දේ අලුත් වෙනස්කම් සමඟ අලුත් ගමනක් යන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පසුගිය සතියේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය ද එහි ප්‍රතිඵලයක් බවයි දැනගන්නට ලැබෙන්නේ.