දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට කඩිනමින් මුල්‍ය ආධාර බෙදා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.
අවශ්‍යතා ඇති අයට කඩිනම් සහ කාර්යක්ෂම සහන සැලසීම සහතික කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
පවතින හදිසි තත්ත්වය අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර මෙම නියෝගය නිකුත් කළේය.