සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කාන්තා සැමරුම් දිනය පැවති (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකු , සිසුන් 12 දෙනෙකු ඇතුළු විසි හත්දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර වෛශ්‍යාව තිදෙනෙකුද වන අතර සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ මිතුරන් හතර දෙනකු විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් බවද අනාවරනය වී ඇත.
දියතලාව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක අධ්‍යාපනය සඳහා හෝමාගම උඩුවන මහල් නිවාස සංකීර්ණයකට පැමිණ රුපියල් 45000 කුලියට ලබාගත් නිවසක මෙම සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසි දෙවන උපන්දිනය වෙනුවෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක් , වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, මත්පෙති තුනක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.