කාන්තාවකට පහර දෙයි

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝධායනයට යොමුකළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් සිසුන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු විය.

ඒ අනුව ආසාදිත බවට තහවුරු වූ අය පින්නවල සහ පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

කෙසේවෙතත් මෙම ආයතනයේ සේවය කළ පීසීඅර් පරීක්ෂණයෙන් වෛරසය ආසාදිත නොමැති බවට තහවුරු වූ සුළු සේවිකාවකට අද එම ආයතනයේ කළමනාකාරිය පහරදී ඇති බව හෙළිවිය.

ඒ තමාට නිවසට යෑමට අවස්ථාව දෙන්නැයි එම සුළු සේවිකාව, කළමනාකාරියගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *