ක්ලීන් කැන්ඩි අරඹයි

ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වූ ‘සිරි දළඳා වන්දනාවේ’ අවසන් දිනයේ මහනුවර  නගර  පවිත්‍ර  කිරීමේ  ” ක්ලීන් කැන්ඩි”  වැඩසටහන ඊයේ (27) පස්වරුවේ ආරම්භ කෙරිණි.

පසුගිය 18 දින ආරම්භ වූ සිරි දළඳා වන්දනාව සදහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්  දින දහයක් පුරා එක් වූහ.

මෙලෙස පැමිණ සිටි බැතිමතුන්  විසින් මහනුවර නගරයේ දමා ගිය පොලිතීන්,   ප්ලාස්ටික් ඇතුළු සියලුම
අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම වැඩසටහන මගින් සිදුවිණි.

මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලෙකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, පෞද්ගලික ආයතන, ක්ලීන්  ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඇතුලු ස්වේච්ඡා සංවිධාන විසින් මෙම  වැඩසටහන  සදහා දායකත්වය ලබා දී තිබිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,  මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්, රාජ්‍ය  නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම  අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *