ක්‍රීඩා ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු පවිත්‍රාට වාරිමාර්ග

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඔහු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ අතර වත්මන් සංචාරක අමාත්‍යවරයාද වේ.

මේ අතර වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දුන්නාය.

රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *