ක්‍රිකට් සංචිත තේරීමේදී තරංගගේ අනුමැතිය අනිවාර්යයි

ශ්‍රී ලංකා සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගත යුතු යැයි සෙසු තේරීම් කමිටුවට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය සහ වයස 19න් පහළ ඇතුළු සෙසු කනිෂ්ඨ ක්‍රිකට් සංචිත තේරීමේ අවසන් තීරක බලය ජාතික තේරීම් කමිටුව සතු බවත් සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්ය බවත් එම නිලධාරියා කීය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව සහ කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව යන කමිටුවල සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති විශේෂ රැස්වීමේදී එම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *