20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වේ.
අමෙරිකාව ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සම සත්කාරකත්වය දරන පළමු අවස්ථාවද මෙය වේ.
මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර A කාණ්ඩයට ක්‍රිකට් ලොව පස මිතුරන් ලෙස ප්‍රචලිත පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළත් අතර කැනඩාව, අයර්ලන්තය සහ අමෙරිකාවද එම කාණ්ඩයට ඇතුළත්ය.
B කාණ්ඩයෙන් වත්මන් ශූරයින් වන එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය තරග වදියි.
C කාණ්ඩයෙන් තරග වදින්නේ නවසීලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, ඇෆ්ගනිස්තානය, පැපුවා නිව්ගිනියාව සහ උගන්ඩාව ය.
D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය තරග වදියි.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී මූලික වටයේ තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ අනුව අමෙරිකාව කැනඩාව සමගින්ද, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පැපුවා නිව්ගිනියාව සමගින්ද හෙට තරග වැදීමට නියමිතය.
D කාණ්යෙන් තරග වදින ශ්‍රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව අනිද්දා නිව්යෝර්ක්හිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වේ.
ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන තරගය ජුනි 8 බංග්ලාදේශයට එරෙහිවත්, තුන්වන තරගය ජුනි 12 නේපාලයට එරෙහිවත්, සිවුවැනි තරගය ජුනි 17 නෙදර්ලන්තයට එරෙහිවත් පැවැත්වීමට නියමිතය.