නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අභියාචනාධිකරණයෙන් තවදුරටත් කල් ඉල්ලා සිටියේය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර අදාළ ලිපි ලේඛන පරීක්ෂා කර බැලීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බවයි.
සෝභිත රාජකරුණා සහ ඩී.එන්.සමරකෝන් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදාට නියම කළේය.