‘ක්‍රිකට් තහනම ඉවත් කරන්න මම රොෂාන්ව හමුවුණා’ සජිත්

තමන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට විපක්ෂ නායක කාර්යාලයට ආරාධනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මිස දේශපාලන කුමන්ත්‍රණයකට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට රොෂාන් රණසිංහට ද එම අවස්ථාවට ආරාධනා කළ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“මම ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ රොෂාන් රණසිංහ සමඟ සාකච්ඡා කළේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට මිස දේශපාලන කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමට නොවේ.රොෂාන් රණසිංහට දැන් චෝදනා එල්ල වෙනවා විපක්ෂ නායකවරයා හමුවීම ගැන.

අනෙක් කැබිනට් ඇමැතිවරුත් ඇවිත් මාව හමුවෙනවා. ඔවුන් කිසිම දේශපාලන කුමන්ත්‍රණයකට එන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *