ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් පැවසීය.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාර වරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා ඇත.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග වරුෂ විතාන ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට  එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ  විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *