ක්‍රිකට් අවුල ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මේ බව පැවසීය.

ජනපතිවරයා එහිදී පැවසුවේ ඊට පසුදින නඩුව සඳහා ඔවුන් අධිකරණය වෙත යනවිට 10.30 වී ඇති බවත් ඒ වනවිට නඩු තීන්දුව ලබා දී ඇති බවත්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නමුත් නියමිත වෙලාවට ඔවුන් අධිකරණය වෙත ගියේ නම් මෙවැනි අවස්ථාවක අධිකරණයෙන් යම්කිසි තීන්දුවක් ලබාදීමට තිබූ බවද ජනපති පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *