බලපත්රයක් නොමැතිව ලොරි රථයකින් කසල තේ කිලෝ 1500 ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (14) දින පස්වරුවේ බගවන්තලාව ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව ලොයිනොන් වතු යායේ තේ කර්මාන්ත ශාලාවේ සිට කසල තේ කිලෝ 1500 බගවන්තලාව හැටන් ප්රධාන මාර්ගයේ ප්රවාහනය කරමින් සිටියදි බගවන්තලාව චැපල්ටන් වත්ත ප්රදේශයේදි කසල තේ තොගය , ලොරි රථය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කසල තේ තොගය බගවන්තලාව ලොයිනොන් වතු යායේ සිට බගවන්තලාව ටින්සින් තේ කර්මාන්ත ශාලාව දක්වා ප්රවාහනය කිරිමට බලපත්රයක් ලබාගෙන ඇති අතර , එහි දිනය වශයෙන් සදහන් වන්නේ 2022.02.13 දින බවයි වැටලිම සිදු කල මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් කසල තේ තොගය , ලොරි රථය සහ සැකකරුවන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.