කරාපිටියේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනාට සහ සේවිකාවට ඇප

කරාපිටිය ශික්ෂණ රෝහලේ පසුගිය 16 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාව ඇප මත මුදාහැර තිබේ.

එම සැකකරුවන් මෝසමක් මාර්ගයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇත.

මේ අතර එම සිදුවීමට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ද ඇප මත මුදාහැරියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *