හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දේශපාලන බලපෑම් මත නඩු පවරනු ලැබ ඇතැයි යන කියන කාරණය සැලකිල්ලට ගෙනයි.
2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කොට තොරතුරු ලබාගැනීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කර ඇත. එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.