කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම  විභාගයට ගැනීම  සඳහා  සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත්  පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

අභියාචනාධිකරණ මෙසේ නියෝග කළේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අභියාචනාධිකරණ  සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා   සහ අභියාචනාධිකරණ  විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා  අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම මීට පෙර  අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් මහතා හමුවේ කැඳවනු ලදයි කීය.

එහිදී එම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව  ඒ බව තීරණය කිරීම සඳහා සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලද බව නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා කීය.

පෙත්සම්කරුට එරෙහි මහාධිකරණ නඩුව ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා බැවින් මෙම පෙත්සම පූර්ණ මිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම  විභාගයට ගැනීමට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමට තීරණය කළේය.

ඒ අනුව පෙත්සම් ලබන 25 වැනිදා නැවත කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *