කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත් වීමට තිරණය කළේය.
අදාළ රිට් පෙත්සම නව අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියෝග කෙරිණ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, බී. ශෂී මහේන්ද්‍රන් ,දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස තීරණය කෙරෙණි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.