කඳුරට දෙමළ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.
ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) සභාපති සෙන්දිල් තොණ්ඩමන්, එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරු රැස්වීමට සහභාගී වූහ.
තම ජීවිත රක්ෂණ සමාගම හරහා වතුකර ප්‍රජාව සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට සහාය දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි බව සෙන්දිල් තොණ්ඩමන් පැවසීය.
ඉන්දියාවේ රුපියල් ලක්ෂ 5 ක ජීවිත රක්ෂණයක් ඇති බවත්, ජනතාවට ද එයම තිබීම වඩා හොඳ බවත් ඔහු පැවසීය.
“ප්‍රජාවට ලබා දුන් ආධාර සඳහා අපි ඉන්දීය අගමැතිතුමාට ස්තූති කළෙමු,” ඔහු පැවසීය.