මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අදාල යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.
‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ.