කන්දකාඩු පැන යාම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කෙරේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පලායාමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා කමිටුවේ නායකත්වය දරන අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එස්.පී. සන්රයිස්, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආර්. හපුගවත්ත සහ පියුමන්ති පීරිස් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එම් සමන් දිසානායක යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව සති 03ක් ඇතුළත ලබාදෙන ලෙස අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *