කන්ටේනර් රෝදයේ හුළං ඇරිය සැරයන්වරයාගේ වැඩ තහනම්

වත්තල පොලිසියේ රථ වාහන අංශයේ  පොලිස් සැරයන්වරයෙකු වත්තල මාබෝල ප්‍රදේශයේ බහලුම් අංගනයකට ආසන්නව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං ඇර සිදුකළ අනීතික ක්‍රියාව හේතුවෙන් එම සැරයන් වරයා වැඩ තහනමට ලක් කළ බව නීති දිශාව භාර , වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.

එම සැරයන් වරයා එලෙස හුළං අරින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *